වතුර පොදටත් තිබුණු අයිතිය නොහිතු දවසක ඇහිරුණේ
තැවුණු අසරණ ලිහිණි සෙනඟක් දිය සොයා ගෙන ඉගිලුනේ
අණට කීකරු තුවක්කුවකට ඉලක්කය නැත වැරදුණේ
රුධිරයෙන් පස රතට හරවා තුරුණු පපුවකි නැවතුනේ
උරාගෙන උණු රුහිරු පොළොවට එතැන බිජුවකි පැළවුණේ
හිනාවෙනු ඇත මලක් මතු කර හෙට අපට අමතක දිනේ
රළ පෙළ කපා එනවා නැව්, නැව් තොටට
ReplyDeleteඒ නැව් පුරා ගෙන එනවා කිරි පුතුට
ඒ කිරි උතුරවයි නව ගත් තේ ගමට
කිරි පිඬු පුදයි නානා අද ලොකු නමට