Wednesday, May 2, 2012

තරු දෑස...

තුරු හිස් පෙළින් වැසුන
කඳු හිස් මතින් දිසෙන
රෑ අහස...
වරුවක් පෙරුම් පුරණ
එළියක් දකින රිසින
හිස් දෑස...
කලුවක් වළා ඇලුන
පලුවක් හඳේ මකන
මදහාස...
වියපත් දෙනෙත් රිදෙන
එනමුත් යළිත් සොයන
තරු දෑස...
Related Posts Plugin for WordPress, Blogger...