සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Monday, February 20, 2012
සඳක් අඳිමි ..
අඩක් වැසුනු වළා පොටින්
සඳක් එබෙයි කඳු සිරසෙන්
විඳින සඳ කැළුම් දෙනෙතින්
අඳිමි කවි පොතෙහි සඳැසින්
Tuesday, February 7, 2012
අරුමය..
"විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්
ඒ ලොව සැදුමට ඇපකැප වී නිති මුලු ශක්තිය යොදවම්"
ළපැටි පෙළ ගයන කල,
නොදැන සැබැවින් අරුත..
අසති පසසති සැවොම,
යොමා සවනත දෙනෙත...
වැඩුනු උන් තුරුණු කැල,
හැඳින දැනගෙන අරුත,
නගන හඬ ඇසුන කල,
රවති අරුමෙක මහත...
Monday, February 6, 2012
පහන් කණුව
රැය පුරා එළිය වී,
තනි රකිමි කලුවරට...
නොපිපෙනා බව දැනත්,
කැකුලු මල් මගෙ නමට...
දුබල එළියෙන් නුඹට,
කුමන පල දහවලට...
නිවී යමි නැගෙන කල,
උදා හිරු උණුහුමට...
Sunday, February 5, 2012
නිදහස...
,,,
අහිමි බව,
හඬගා කියන්නට..
අහිමි කල,
තව වැනුම් කුමකට..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)