කතා නැති ගුරු තරුව බොඳවුනා කරුවලේ
නොපා අත කිසිවෙකුට දිවි සටන දිනු වෙලේ
එපා හිත හූරන්ඩ ඇයි එහෙම මට කලේ
ඉස්සරහ පේලි වල හිටි දුවන පන්තියේ
අස්සයින් දුර ගියා සිප්ලැබූ සන්දියේ
මාළුවෝ මං වගේ කකුල් නැති ගැංසියේ
පීනන්ඩ පුරුදුවුනෙ තනියෙමයි හංදියේ
නොයෙක් හණගැසූ දඬුමොණර වල තටුගසන
කොතෙක් අය පැමිණේද දාර හොට බිම ඇණුන
උනුත් ඔය වගේමයි ඇඳුනුවත් නොහඳුනන
මජං ඔය හැටි විසද මචං කියපං ඉතින
ගෝල-ගෝලයින් මිස ග්‍රීස්මෙත් ටයි බඳින
පොතේ නැති විදියකට හිතේ හැටියට හිඳින
අපේ ජීවිත එකම අපායක් ලෙස දකින
දිසාපාමොක් මොටද කරේ හණමිටි දරන
කොළඹ් යුගයේ කයියක් වගේ.
ReplyDeleteපට්ටයි මචන්
මාළුවෝ මං වගේ කකුල් නැති ගැන්සියෙ
ReplyDeleteමතකයි හිටිය අපේ පන්තියෙත් අන්තිමේ