එදා මහ මැද මිදුලෙදි,
(නාට්ටිය බලං හිටි)
කාටවත් නොපෙනෙන්න
උඹ දුන්න කරදහියේ
ලේ ගඳට දාඩියට හුරුවුන,
බෝල අත් අකුරු කැට
අත් පටලවං තදට
හිටියෙ හැම තිස්සේම
වෙඩි සද්ද අස්සෙත්
වෝල්ට්ස් නැටුං නට නට
කන්දෙකත් වැහෙන්නම
ඔතාගත්තාම, එවපු
රතු බැලැන්කෙට්ටුව
නින්ද ආවා සැරට
සැර බාල කරගෙන
හිම මිදෙන මරණීය හීතල
පිටපතේ විදියට
හෙට්ටු කෙරුවට කිරි කඳුලකට
දන්නවනෙ මං කිරි එරෙන වග
කාගෙ මුත් පොඩි එකෙක්
දැක්ක හැටියෙම උඹේ පපුවට
වසන්තෙදි වත් ඉදුන ඇපල් ගැන නාහන
ලියමනක් එනතුරා දින ගැනං ඉවසන
එන නේන බවක් ගැන අදහසක් නොතිබුණ
ඒ දවස් ගෙවෙනකල් එකම තැන නැවතුන
අත නෙවෙයි මං පතන්නේ
ගෑනු දරුවගේ ඔය
ආදරේ උතුරන හදවත!