සඳෙන් අසමි
දිගු සංචාරයට පෙර,
සමුගතිමි
වත්ත පහළින් ගලන
ඇලේ මැඩි මිතුරන්ගෙන්
කුටිය අද්දර තුරු මත
ගී ගැයූ රැහැයියන්ගෙන්
හිරු නිවීගිය කළ
පිටත් වනු පිණිස
කඩුල්ල කරා ආ මට
ඇහෙන නෑහෙන ගාණට
සුසුම්ලන හඬ ඇසුණි
සමුදුන් ලබැඳියන්
වටහාගනිමි එය,
දුකකි පිය විප්පයෝගය
ඒත් ඇයි මේ
පිනි කඳුළු ?
මාත් එක්කම යන
සඳේ ඇස්වල..
මරු
ReplyDeleteඅමාරුවෙන් කියෙව්වෙ
ReplyDeleteකවිය නං මරු
ඒත් අකුරු හොයාගන්න හරි අමාරුයි
පැහැදිල නෑ
අගේ අැති බ්ලොගයක්............ අදමයි මේ පැත්තට අාවේ...... බ්ලොගය නියමයි. දිගට ම ලියමු......... දිගට ම අපිත් ඒන්නම්...............
ReplyDeletegood
ReplyDelete