Monday, February 20, 2012

සඳක් අඳිමි ..


අඩක් වැසුනු වළා පොටින්සඳක් එබෙයි කඳු සිරසෙන්විඳින සඳ කැළුම් දෙනෙතින්අඳිමි කවි පොතෙහි සඳැසින්

Tuesday, February 7, 2012

අරුමය..


"විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්
ඒ ලොව සැදුමට ඇපකැප වී නිති මුලු ශක්තිය යොදවම්"



ළපැටි පෙළ ගයන කල,
නොදැන සැබැවින් අරුත..
අසති පසසති සැවොම,
යොමා සවනත දෙනෙත...
වැඩුනු උන් තුරුණු කැල,
හැඳින දැනගෙන අරුත,
නගන හඬ ඇසුන කල,
රවති අරුමෙක මහත...

Monday, February 6, 2012

පහන් කණුව

රැය පුරා එළිය වී,
තනි රකිමි කලුවරට...
නොපිපෙනා බව දැනත්,
කැකුලු මල් මගෙ නමට...
දුබල එළියෙන් නුඹට,
කුමන පල දහවලට...
නිවී යමි නැගෙන කල,
උදා හිරු උණුහුමට...

Sunday, February 5, 2012

නිදහස...

අහිමි බව,
හඬගා කියන්නට..
අහිමි කල,
තව වැනුම් කුමකට..
Related Posts Plugin for WordPress, Blogger...